Saturday, March 17, 2018

අම්මෙි

බයක් දැනෙනවා තාමත් අම්මේ
මතක් වෙනකොට ඒ දවස අද වගේ
හැලහොල්මනක් නැතුව 
සුදු සාරියක් දවටගෙන
ඇස් පියන් ගෙයි මැද්දෙ
නිදියගෙන හිටිය හැටි අපේ අම්මේ

අපි හිතුවෙ ඇත්තටම 
අම්මා නිදි කියලා
ඒත් ඒ පෙට්ටියේ පියන වහලා
අම්මව කට්ටිය උස්සන් යන කොට
ඉබේම ඇඬුනේ ආයෙ නොයේවිද
කියලා නිකමට හිතුන නිසා

දැනගෙන හිටියානම් අම්මේ
ආයෙත් නොඑනා බවක් එදා
කවදාවත් යන්නට දෙන්නේ නැහැ අම්මේ
මහ රෑ තිස්සේ හොරෙන් අඬනවා
මම දැක්කා මතකද අම්මේ
බඩගින්නක් ආව නිසා ඇඬුනා
ඔයා එදා කිව්වා මතකයි අම්මේ

කිඹුලවලේ ලොකු කිඹුලෙක් ඉන්නවා
අම්මව ඌ ඇඳගෙන ගියාද අම්මේ
අපිවත් ඌ කයි කියලා බය හිතිලද
තනියම කිඹුල වලට බැස්සේ
කට්ටිය කියනවා අම්මා පැන්නලු
මම නම් තවමත් එහෙම හිතන්නෑ අම්මේ
අක්කයි මල්ලියි මාවයි දාලා
අම්මා තනියම කොහෙද ගියේ 

අම්මා පෙට්ටියෙ ගියදාට පහුවදා 
කුඩම්මා කියලා කෙනෙක් 
අපේ ගෙදර නවතින්නට ආවේ
තාත්ත හරි සතුටින් එදා ඉඳලා හිටියා අම්මේ
ඉස්සර අම්මා ගුටි කෑවා වාගේ
කුඩම්මා ගුටි කනවා අපි නෑ දැක්කේ අම්මේ
ඒ වෙනුවට අපි තුන්දෙනාම 
නිතර නිතර වේවැල් පාර කෑවේ

අම්මා කොයි ලෝකේ හිටියත්
අපි ලඟ ඉන්නවා වාගේ දැනෙනවා අම්මේ
ඒත් අම්මෙ එක පාරක් ඇවිදින්
තුරුල් කරන් අපි තුන්දෙනාව ඉස්සර වාගේ
ඉන්නට බැරි වෙයිදෝ කවදාහරි දවසක අම්මේ
"අම්මා" කියන්න පුලුවන් අම්මට විතරයි
මගේ රන් අම්මේ 
ආසයි ආයෙත් "අම්මේ" කියලා
දුවගෙන ඇවිදින් තුරුල් වෙන්න අම්මේ

ශි | ව | න් | ති  ඒකනායක

Saturday, August 5, 2017

අහර විදිත්දී ලබන රස රසවත්ද

   
           ආහාර ගන්න එකයි පොත පත කියවන එකයි එකම  වෙලාවෙ කරන අයගෙ පුරුද්ද තව තවත් වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නෑ.සමහර අය පොතක් නැතිව කෑම මේසෙ වාඩි වෙන්නෙ නෑ.තව සමහර අය පත්තර කියවන වෙලා⁣ව වෙන්නෙ කෑම  ගන්න වෙලාව.ඉතින් මේ රසවිදිල්ලෙ අපි නොදන්න පැත්තකුත් තියෙනව.යම් ආහාරක් රසවිදින විට ඉන් නැගෙන ඇඹුල් රස,තිත්ත රස,සැර,පැණි රස වගේ හැම රසයක්ම මේ පොත පත ලංකරගත්තහම විදින්න බැරිව යනවා.අනිත් පැත්තට කොච්චර ලස්සන කතාවක් වුනත් කවියක් වුනත් ඒ නියම රස විදින්න කෑම මේසයෙදි ඔබට බෑ.
       ඉතින් රස ගැන හොදින්ම අදුනන පර්යේෂකයන් පවා මේ ගැන මත පල කරල තියෙන්නෙත් අන්න ඒක හින්දයි.රස ට කරන් පුළුවන් හරියක් කියලා දැන් ඔයාලට හිතෙයි.

Tuesday, August 1, 2017

හන්තානට පායන හඳ...පන්හිඳක ලියැවුම



කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.දෙන්නා අවුරුදු ගානක ඉදන් ලව් කරනවා.දෙන්නම කලේ කලා විශයන්.සිoහල ට්යුශන් clz යන්න ඔන නිසා දෙන්නම ගියා නුවර clz එකකට.කොල්ලා බොක්කෙම්ම love කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.clz ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.දවසක් සිoහල සර් දෑක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.දවස් ගනන් ගෙවිලා ගියා.විභගෙ තියෙන දවසත් ලන් වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා.

රෙසුල්ට් එන දවසත් ලo උනා.කෙල්ලට A3.කොල්ලගෙ result ටිකක් අවුල්.
අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක සිoහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් සර් කියල කතා කලා.ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව කො අර තමුසෙට බත් කවපු ගෑනු ලමය කියල.කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා."සර් මo ඒ සම්බන්දෙ නතර කලා.."කියල කොල්ල කිව්ව.සර් ඈහුව ඈයි පුතේ එහෙම උනේ කියල.කොල්ල කියනව."එය AL හොදට පස්ස් වෙලා පේරාදෙනිය campus ගිය සර්.මට යන්න බෑරි උනා.එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මන් ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනව සර්.එහෙ ගොඩක් ලස්සනයි සර්.මo ආයිත් එයගෙ ජීවිතේට අවිල්ල එහේ සතුට නෑති කරන්න මට හිත දෙන්නෙ නෑ.දෑන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්...."
මේ සිද්දියෙන් පස්සෙ සර්ට මේක හිතට වෑදුන.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා.
"හන්තානට පායන හද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හෑකිය දකින්න"
"ඇදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනකල
එපා තනිය දෑනෙන්න"
"ලතා මඩලු අත වනාවි
එපා අහක බලන්න
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න"
මේ සිoදුව හෑදුනෙ ඔන්න ඔය විදියට තමයි.දම්මික බන්ඩාර මහත්මයා තමයි ස්oන්දුව ලිව්වේ.එතුමා තමයි එදා සිoහල සර්.අමරසිරි පීරිස් මාස්ටර් තමයි ගායනා කරන්නේ.(උපුටා ගැනීමකි)

කෙටි කතාවක හැඩය ගැන යමක්



ශක්‌තික සත්කුමාර
"කතා කීමේ කලාව, වචන භාවිත කොට අදහස්‌ ප්‍රකාශ කිරීම ආරම්භය දුරාතීතයේ පටන් පැවත එන්නක්‌ බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. නූතන කතා කලාව ද එසේ ආරම්භ වූ ජන කතාවේ ම වර්ධිත අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකිව තිබේ. මහා භාරත කතා, ජාතක කතා, බයිබල් කතා, කැන්ටබරි කතා, ඊසොප්ගේ කතා ආදී රට රටවල විවිධ ස්‌වරූප ගනිමින් ව්‍යාප්ත වූ කතා කලාවේම ශාඛාවක්‌ ලෙසින් කෙටි කතා කලාව පසුකාලීනව වර්ධනය වූ බව ද එහි විකාශය අද දක්‌වාම අඛණ්‌ඩව සිදුවෙමින් පවත්නා බව ද පෙනී යයි. කෙසේ වුවත් අප නූතන කෙටි කතාව ලෙස හඳුනා ගන්නා කලාංගය ඊටම සුවිශේෂී අනන්‍යතාවක්‌ ප්‍රකාශ කරන කලාංගයක්‌ වශයෙන් වර්ධනය වීම ආරම්භ වන්නේ 19 වැනි සියවස මැද භාගයේ යුරෝපයේ බැව් කෙටි කතා කලාවේ ආරම්භය පිළිබඳ අදහස්‌ දක්‌වන බොහෝ විද්වතුන්ගේ මතය වේ.

නූතන කෙටි කතාවේ ස්‌වභාවය ඉතා සංකීර්ණ අන්තයන් කරා ළඟා වෙමින් යම් යම් ජයග්‍රහණයන් අත්පත් කර ගෙන සිටී. වචන අර්ථයෙන් ගත් කල අද කෙටි කතාව එහි පුරෝගාමීන් දෙදෙනා මත එසේ යෑයි සලකනු ලබන (විශේෂයෙන් සම්මත අධ්‍යාපන ක්‍රමවේදය තුළ) චෙකොµa සහ මෝපසාංගෙන් අර්ථ ගන්වා ගත හැක්‌කාක්‌ මෙන්ම ඉන් ඔබ්බට ද ගමන් කොට ඇත්තේය. චෙකොµa සහ මෝපසාං යන සුවිශේෂ කතාකරුවන් දෙදෙනාගේ වැඩබිම බවට පත් ව තිබූ 19 වැනි සියවසට වඩා, වඩාත් සංකීර්ණ සමාජ පසුබිමකට සහ මිනිස්‌ හැසිරීම්වලට අනුකූලව අද අපට කතා ලියන්නටත් ක්‍රමවේදයන් සොයා ගැනීමටත් සිදු වී ඇත්තේ ය.

වරක්‌ ජෝසµa බර්ග් එසන්චීන් නම් විචාරකයා නූතන කෙටි කතා කලාව පිළිබඳව විවරණයක යෙදෙමින් කෙටි කතා ගණයෙහිලා නොසැලකෙන නිර්මාණ විශේෂ 06 ක්‌ මෙසේ පෙන්වා දී ඇත.

1. කෙටි කතාව සංක්‍ෂිප්ත නවකතාවක්‌ නොවේ 2. එය උපාඛ්‍යානයක්‌ නොවේ 3. එය කෙටුම්පතක්‌ හෝ දළ සටහනක්‌ හෝ නොවේ 4. එය චරිත කතාවක්‌ නොවේ 5. එය හුදු චරිතාලේඛයක්‌ නොවේ 6. එය කතාන්තරයක්‌ නොවේ.

අනතුරුව ජෝසµa බර්ග් එසන්මීන් කෙටි කතාවක්‌ ලෙස සැලකීමට එහි ඇතුළු විය යුතු අංග 07 ක්‌ පෙන්වා දී ඇත්තේ මෙසේ ය.

01. සියල්ල අභිබවා සිටින එක්‌ ප්‍රබල සිද්ධියක්‌ 02. ඉස්‌මතු වී පෙනෙන එක්‌ ප්‍රධාන චරිතයක්‌ 03. පරිකල්පනය 04. කතා වින්‍යාසයක්‌ 05. සියල්ල එකට කැටි වී තිබීම

06. සංවිධානාත්මක බව 07. ධාරණාවේ ඒකත්වය

ඉහත සඳහන් පරිකල්පනය, කතා වින්‍යාසය හෙවත් කතා රටාව ආදී කරුණු කෙටි කතාවට මෙන් නවකතාවටද අදාළ වේ. ඇතැම් විචාරකයන්ගේ අදහස වන්නේ උක්‌ත කරුණු අතරින් කෙටි කතාවට පමණක්‌ අදාළ වන විශේෂ ලක්‍ෂණය වන්නේ ඒකීය ධාරණාව පමණි. ඒකීය ධාරණාව යනු එක්‌ අරමුණක්‌ පමණක්‌ තිබීමය. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට උපකාර නොවන කිසිදු දෙයක්‌ කෙටි කතාව තුළ තිබිය යුතු නැත. එමෙන්ම තම අරමුණ නිම වූ වහාම කෙටිකතාකරුවා කතාව ද අවසාන කරයි. කතාවේ ඇතුළත් හැම කරුණක්‌ම ඒකීය ධාරණාව ඉටුකර ගැනීමට උදව් කර ගත යුතු බව රුසියන් ජාතික කෙටිකතා කරුවකු වන ඇන්ටන් චෙකොµaගේ මතයයි. එකී මතය සනාථ කරන ඔහුගේ ප්‍රසිද්ධ කියමනක්‌ සාහිත්‍ය සමාජ තුළ නිතර අසන්නට ලැබේ.

"කතාව ආරම්භයේදී ඉස්‌තෝප්පුවේ බිත්තියේ තුවක්‌කුවක්‌ එල්ලා තිබෙනු සඳහන් වුවහොත්, එය කතාව අවසන් වීමට පෙර පත්තු විය යුතු ය."

කෙටි කතාව එකම පුවතක්‌ ගැබ් කොට ගත යුතුය යනු ඇතැම් කෙටිකතාකරුවන් විසින් පිළිගනු ලැබූ අදහසකි. ලොව රචනා වී ඇති බොහෝ සාර්ථක කෙටිකතාවලින් ඉතා විශාල කොටසක්‌ එකම සිද්ධියක්‌ ආශ්‍රිතව රචිත කතාය. සිද්ධීන් එකකට වඩා කෙටි කතාවක නොතිබිය යුතු ය යන අදහස තහවුරු වීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ සිදුවීම් එකකට වඩා ඇති කෙටි කතාවක්‌ සාර්ථක ලෙස රචනා කිරීමට අපහසු වීම නිසා ය. කෙටි කතාවකට එකම සිද්ධිය පමණක්‌ පාදක වූ කතාවේ අංගෝපාංගවලට ඒකාබද්ධතාවක්‌ ඇති කිරීම දුෂ්කර නොවේ. එහෙත් කෙටි කතාව එකම පුවතකින් පමණක්‌ යුක්‌ත විය යුතුය යන අදහස ලොව බිහි වූ සෑම කෙටිකතාකරුවකු විසින්ම එකහෙළා පිළිගනු ලැබ නැත. සිදුවීම් ගණනකින් යුක්‌ත වූ කෙටි කතාව, එකම සිදුවීම පමණක්‌ කේන්ද්‍ර කොට ගත් කෙටි කතාව මෙන් රසාලිප්ත නිර්මාණයක්‌ විය හැකි බැව් විශ්ව කීර්තියට පත් කෙටිකතාකරුවකු වන ඇන්ටන් චෙකොµaගේ 'පළගැටියා', 'හයේ වාට්‌ටුව' බඳු කෙටිකතාවලින් පෙනේ.

දක්‍ෂ කෙටිකතාකරුවකු වූ දයාසේන ගුණසිංහයන් කෙටි කතාව හඳුන්වා දුන්නේ ජීවිතයේ සමීප රූපයක්‌ ලෙසටය. දැස හෝ මුව වැනි ඉන්ද්‍රියයන් සමීප රූපයට නැගෙන විට, මුහුණේ අවශේෂ අවයව සමඟ මුහුණ ද අදෘෂ්‍යමාන වී යයි. මෙසේ දෘෂ්‍යමාන ව තිබූ බොහෝ දැ අදෘශ්‍යමාන වී යෙත්ම අදෘශ්‍යමානව තිබූ බොහෝ දැ දෘශ්‍යමාන වීම ද සමීප රූපයෙහි ලක්‍ෂණයකි."

නවකතා කතුවරියක ලෙසින් ප්‍රකට ඉසබෙල් අයියන්දේ කෙටිකතාකරණය හඳුන්වා ඇත්තේ ඉලක්‌කයට කැරෙන හී විදුමක්‌ ලෙසිනි. කෙටිකතාකරුවකුට වෙනස්‌ වෙනස්‌ අරමුණු රැසක්‌ තිබිය නොහැකි බැව් මේ ප්‍රකාශනයෙන් ගම්‍ය වේ. මුළු මහත් සාගරයේ රුව ගුණ උරා ගනිමින් වෙරළාසන්නයේ සිදුවන කෙටි බෝට්‌ටු සවාරියකට කෙටි කතාව සම කළ අවස්‌ථාවක්‌ මගේ මතකයෙහි වේ. දියෙහි වැටුණු තෙල් බිඳක්‌ මෙන් කෙටි කතාව ද බහුවිධ වර්ණ, රූ රටා මවන්නා වූ අපූර්ව නිර්මිතියක්‌ බැව් තවත් අදහසකි.

මුල, මැද, අග සහිත කතාන්දරයක්‌ ලෙස බිහිවන කෙටිකතාව පසුව ජීවිතයේ හරස්‌ කැපුමක්‌ නැතහොත් ජීවිතයේ පෙත්තක්‌ යන විවරණයන් ද සමතික්‍රමණය කරමින් වර්තමානය වන විට නව මඟක ගමන් කරමින් තිබෙන බව පෙනේ. නුතන කෙටි කතාවේ රුව ගුණ හඳුනා ගැනීමේදී, මෙරට ප්‍රවීණ කවියකු වන ආරියවංශ රණවීරයන් කෙටි කතාව පිළිබඳව දක්‌වා ඇති අදහස මෙහිදී උපුටා දැක්‌වීම වටිනේය.

"කෙටි කතාවත්, කවියත් නිවුන් සොහොයුරන් වැන්න. කළුවර රාත්‍රියක, කෙටූ විදුලියක්‌ නිමේෂයකින් මහා ප්‍රදේශයක්‌ හෙළි පෙහෙලි කරන්නාක්‌ මෙන් කෙටි කතාව තෝරා ගත් සිද්ධි කිsහිපයක්‌ හා අර්ථ පූර්ණ බස්‌ වහරක්‌ ද තුළින් මහා ජීවන ප්‍රදේශයක්‌ කරා එළිය විහිදවිය යුතුය. ගැඹුරු ජීවිත පරිඥානයක්‌ හා බස හැසිරවීමෙහිලා කවියකු සතු ශක්‌තියක්‌ නැත්තෙකුටද හොඳ කෙටිකතාකරුවකු විය නොහැක."

කෙටි කතාව නවකතාව හා සම්බන්ධ කොට තේරුම් ගැනීමට කැරෙන උත්සාහයක්‌ ද ඇතැම් විට හමු වේ. එබඳු උත්සාහයක්‌ දෙස බැලීමේදී පෙනී යන කරුණක්‌ නම්, කෙටි කතාව ඊටම ආවේණික, සුවිශේෂ ලක්‍ෂණ සහිත සාහිත්‍යාංගයක්‌ ලෙස හඳුනා ගැනීමට ඒ කරුණු දැක්‌වීම බාධාකාරී ලෙස බලපාන බව පමණකි. නමුත් එසේ බාධාකාරී නොවන මැදහත් විචාර ද අපට කලාතුරකින් හමු වේ. කෙටි කතාව හා නවකතාව යන සාහිත්‍යාංගයන් දෙක අතර පවතින වෙනස පිළිබඳව මහාචාර්ය විමල් දිසානායක මහතා කරුණු දක්‌වා තිබෙන්නේ මෙසේ ය.

"මට වැටහෙන පරිදි කෙටි කතාවත්, නවකතාවත් අතර වෙනස ර¹ පවතින්නේ ධාරණාව පිළිබඳ ප්‍රශ්නය උඩය. කෙටි කතාව එක්‌ ප්‍රබල ධාරණාවක්‌ ඉදිරිපත් කරයි. එහෙත් විස්‌තෘත අත්දැකීම් නිරූපණය කරන නවකතාවක්‌ තුළින් ධාරණා රාශියක්‌ ඉදිරිපත් කරනු ලැබේ. වෙනත් වචනවලින් පවසතොත් කෙටි කතාවක අත්දැකීම එක්‌ ප්‍රබල මොහොතකට සම්බන්ධ වී ඇත. එහෙත් නවකතාවක අත්දැකීම් එබඳු අවස්‌ථා රාශියක්‌ හා සමඟ බැඳී පවතී."

නවකතාවට පිවිසෙන ද්වාරයක්‌ ලෙස කෙටි කතාව සැලකෙන බව ද ඇතැම් අදහස්‌ දැක්‌වීම් අනුව පැහැදිලි වේ. ඒ අනුව කෙටිකතාකරණයේ සෑහෙන කලක්‌ නිරත වූවකු ඊළඟට නවකතාකරණයට පිවිසීම උචිතය. නමුත් කෙටිකතාව එබඳු චූල යමක්‌ නොවේ. යම් සේ නවකතාව මහා සාහිත්‍යාංගයක්‌ වන්නේද. කෙටි කතාව ද ඊටම සුවිශේෂී පෞරුෂයකින් හෙබි මහා සාහිත්‍යාංගයකි.
 
Powered By - 

පිනි වැටෙන උදයක











පතුලක් නැති හිත අද්දර
මන්දාරම ඇහැරේවිද
ඇවිදන් යන්නට බිස්සක
ආසයි කීවම තිස්සෙම..

කොපුල් පුරා නැහැවීලා
රෝස බිංදු ගෑවීලා
ඉඹින්නත් හිතයි නොහිතා
“ආදරෙයිද..” අහනවාද..

දොළ පාමුල නැවතීලා
බලන්නකො ටිකක් කියලා
දිය අහුරක් දමාගසා
මා තෙමුනම හිනැහෙනවද

රැවුල් අගිස්සෙන් වෑහෙන
දිය නිය පිට පීරාල
නුඹේ මුවට විසිකරද්දි
ඇස් ගස්සා බලනවාද…

මෙහෙමත් 💜ක්...

***සිත්රුවන් සුභසිංහ***

ආදරණීය දවසක්



තනිකම කියන්නේ, 
පොල්කා රිබන් සැරසිලි 
ස්කොච්, වයින් උණුසුම 
පාටිමය මිනිසුන් අතරත්, 
දරුණුතම සීතලක් දැනීමයි 

අනුරාව කියන්නේ, 
උදෑසන කොෆී මෙන් 
උණුසුම් හාදු හා බටර්මය කතා මැද 
නුඹෙන් නොලැබෙන හාදුවකට 
දුර ඉදන් කෙල ගිලීමයි 

ආදරය කියන්නේ, 
සෝමාලියාවට ඩෝනට් සේ 
නොලැබෙනා බව දැන දැනත් 
නොලැබෙනා දෙයටම 
යලි යලිත්, ඔව් යලිත්, ඉකිගසා හැඩීමයි<3
_____________________________yEෂ්<3 
(Yesha Fernando)

Monday, July 31, 2017

ඉන්ටර්නෙට් එක ආට් එක...


   අන්තර්ජාලය හරහා අපිට නැතිව ගිය අවකාශයේ ප්‍රීතිය සදාකාලික ව විදගන්න හමුවෙන තැන් තියෙනව.ඒත් ඒතුල අපිට අපි තුල ඉන්න නිර්මාණාත්මක චින්තකයා මතුකරගන්න අමාරු වෙනවා.දැනුම කියන දේ මනුස්සයෙක්ගෙ ජීවිතය අවසන් වෙනකන් ඉවරවෙන්නෙ නෑ.එ්ත් ඒ තුල කිමිදෙන්න ස්මාට් ඩිවයිස් එකම වැට බැදපු තැන් තියෙනවා.ඒකට කියන්නෙ ෂෝට් හින්ට්ස් කියලා.අද වෙනකොට අන්තර්ජාලය පවත්වාගෙන යන්න මූල්‍යමය ප්‍රතිපාදන සපයන්නෙ වෙළද අධිකාරිය.කවුරු කිව්වත් නැතත් අපි මේක ඇතුලෙ මාකට් යනවා.බඩු මල්ලක් අරන් නොගියට බ්‍රවුස් කරන මුහුණු පොතේ උඩට පහලට යන හැම වාරයකදිම මාකට් යන එක වෙනවා.වෙනසකට තියෙන්නෙ මේ මාකට් එක virtual (ස්පර්ශය කල නොහැකි) මාකට් එකක හිරකරලා.ඒ වෙත්දිත් සිතුවිලි හැම එකක්ම ඔය පැත්තට හැරිලා .උදාහරණයක් විදියට ෆුඩ් සිටි එකකට අපි ගියාම හිතපු බඩු මුට්ටු වෙනවට වෙන බඩු අරගෙන එනවා.දැන් අන්තර්ජාලය තුලත් අපිට වෙන්නෙ ඒකයි.අපි අන්තර්ජාලය ට යන්නෙ මොනව හරි ගැන හොයන්න.ඒත් ඉදිරියට වැටෙන ලින්ක් පේජස් හරහා අපි කොච්චර දුර යනවද.සමහර විට පැය දෙක තුන ගෙවිලා කරන්න ආපු දේ අමතක වෙන තරමටම ලින්ක් එකෙන් ලින්ක් එකට අපව අතරමං කරලා.
        මේ අතර අපෙන් බිහිවෙන නිර්මාණ පවා බොහෝ දුරට අර කොලේක ,කැන්වස් එකක තියෙන අව්‍යාජ බව අතික්‍රමණයකරනවා.සරලව කිව්වොත් අන්තර්ජාලය තුල අපි බිහිකරන නිර්මාණ අන්තර්ජාලයේම වායුවෙන් හුස්මගන්න දරුවෙක්.ඉතින්පහ් දරුවා වැඩිලා සමාජය තුල අනාගතයේ කරන පෙරලි ගැන අනාවැකි කියන්න නිර්මාණයේ අයිතිකාරයාටවත් බෑ.

#නදීෂ නිර්මාණ හේරත් 

ඡායාරූප -අන්තර්ජාලය තුලිනි

අම්මෙි

බයක් දැනෙනවා තාමත් අම්මේ මතක් වෙනකොට ඒ දවස අද වගේ හැලහොල්මනක් නැතුව  සුදු සාරියක් දවටගෙන ඇස් පියන් ගෙයි මැද්දෙ නිදියගෙන හිටිය ...